Skip to main content

ගෝඨාභයට එරෙහි නීති පියවර වළකමින් නියෝගයක්

 

ගෝඨාභය රාජපක්ෂ

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට එරෙහිව පොදූ දේපොළ නීතිය යටතේ නීතිමය පියවර ගැනීම ලබන මස 6 වෙනිදා තෙක් වළකාලමින් අභියාචනාධිකරණය අද (නොවැ 29) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.

අභියාචනාධිකරණය එම පියවර ගනු ලැබුවේ පොදු දේපොළ පනත යටතේ තමාට එරෙහිව පියවර ගැනීම වැළක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් හිටපු ආරක්ෂක ලේකම්වරයා ගොනුකළ පෙත්සම සලකා බැලීමෙනි.

ඩී. ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට චෝදනා කරමින් පොදු දේපොළ පනත යටතේ අධිකරණයට කරුණු දක්වා ඇති බව පෙත්සම්කාර පාර්ශ්වය පෙන්වා දී ඇත.

කෙසේනමුත්, එම පෙත්සම සළකා බැලීමෙන් අනතුරුව දෙසැම්බර් 6 වෙනිදා තෙක් බලපැවැත්වෙන පරිදි අතුරු තහනම් නියෝගයක් ප්‍රකාශයට පත් කළ අභියාචනාධිකරණය එදිනට පෙනී සිටින මෙන් නීතිපතිවරයා හා පොලිස්පතිවරයා ඇතුළු වග උත්තරකරුවන්ට නොතීසි නිකුත් කළේය.

https://www.bbc.com/sinhala/sri-lanka-42163238

Comments

Popular posts from this blog

ගෝඨාභය: සෙබළා සේනාධිනායක පදවියට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලංකාවේ හත්වෙනි විධායක ජනාධිපතිවරයා ලෙස පත්ව සිටී. මෙම සටහන හත්වෙනි විධායක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ගමන්මග පිළිබඳව කෙටි විමසුමකි. සම්පූර්ණ නම - නන්දසේන ගෝඨාභය රාජපක්ෂ උපන් දිනය - 1949 ජුනි 20 උපන් ප්‍රදේශය - දකුණු පළාත, මාතර, පාලටුව අධ්‍යාපන සුදුසුකම් - ආරක්ෂක අධ්‍යයනය පිළිබඳ පශ්චාත් උපාධිය - මැඩ්රාස් විශ්වවිද්‍යාලය, තොරතුරු තාක්ෂණය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාව - කොළඹ විශ්වවිද්‍යාලය මවුපියන් - හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී ඒ රාජපක්ෂ සහ දන්දිනා සමරසිංහ දිසානායක සහෝදර සහෝදරියන් -චමල් රාජපක්ෂ, ජයන්ති රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ, චන්ද්‍රා රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, ඩඩ්ලි රාජපක්ෂ, ප්‍රීති රාජපක්ෂ, ගාන්ධිනි රාජපක්ෂ බිරිඳ - අයෝමා රාජපක්ෂ පුතු - මනෝජ් රාජපක්ෂ (මුලාශ්‍ර gotabaya.info) වෘත්තීය ජීවිතය - 1971 කැඩෙට් නිලධාරියකු ලෙස ශ්‍රී ලංකා යුද හමුදාවට එක්වුණ ගෝඨාභය රාජපක්ෂ, 1972 උප ලුතිනන්වරයකු වශයෙන් රාජකාරි ආරම්භ කර ඇත. ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව, රජරට රයිෆල්ස් හා ගජබා රෙජිමේන්තුවේ සේවය කර ඇති ඔහු, 1992 වසරේ දී ලුතිනන් කර්නල් නිල

ශ්‍රී ලංකා රජයේ මුදල් "අවභාවිතය": ගෝඨාභයට එරෙහි නඩුවට අදාළ මෙතෙක් තොරතුරු

  යාවත්කාලීනවී ඇත 25 ජනවාරි 2019 ඡායාරූප මූලාශ්‍රය, FACEBOOK/GR/BBC හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පියා වූ, ඩී ඒ රාජපක්ෂගේ 47 වන ගුණ සමරුවට සමගාමීව, 2014 වසරේ නොවැම්බර් 6 වන දින වීරකැටියේදී ඔහුගේ නමින් අනුස්මරණ කෞතුකාගාරයක් විවෘත කෙරිණි. කෞතුකාගාරය සඳහා එවක ආරක්ෂක අමාත්‍යංශය යටතේ පැවති ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධන කිරීමේ සංස්ථාවට අයත් රුපියල් මිලියන 33.9 ක පමණ මුදලක් අපහරණය කළේ යැයි චෝදනා එල්ල වී තිබේ. රාජ්‍ය සම්පත් වැය කරමින් ඩී ඒ රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීම, 'අවිධිමත් ක්‍රියාවලියක්' ලෙස, 2014 ට අදාළ විගණනයේ සඳහන් බව, එම කරුණ සම්බන්ධයෙන්  2018 පෙබරවාරි 6 වන දින නිකුත් කළ විශේෂ වාර්තාවේ  විගණකාධිපතිවරයා සඳහන් කරයි. කෞතුකාගාරය ඉදිකෙරුණේ, ඩී ඒ රාජපක්ෂ පදනම හා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධන කිරීමේ සංස්ථාව සමග ඇති කර ගත් නීත්‍යනුකූල එකඟතාවක් මත වන බැවිනුත්, එසේම එය සිවිල් ගනුදෙනුවක් බවත් පවසමින් ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටින නීතිවේදීන් චෝදනා ප්‍රතික්ෂේප කරමින් අධිකරණයට කරුණු දක්වා තිබිණි. ගෝඨාභය රාජපක්ෂට අමතරව, ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ හිටපු සභාපති ප්‍රසාද්