ඡායාරූප මූලාශ්‍රය, GETTY IMAGES හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට එරෙහිව පොදූ දේපොළ නීතිය යටතේ නීතිමය පියවර ගැනීම ලබන මස 6 වෙනිදා තෙක් වළකාලමින් අභියාචනාධිකරණය අද (නොවැ 29) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය. අභියාචනාධිකරණය එම පියවර ගනු ලැබුවේ පොදු දේපොළ පනත යටතේ තමාට එරෙහිව පියවර ගැනීම වැළක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් හිටපු ආරක්ෂක ලේකම්වරයා ගොනුකළ පෙත්සම සලකා බැලීමෙනි. ඩී. ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට චෝදනා කරමින් පොදු දේපොළ පනත යටතේ අධිකරණයට කරුණු දක්වා ඇති බව පෙත්සම්කාර පාර්ශ්වය පෙන්වා දී ඇත. කෙසේනමුත්, එම පෙත්සම සළකා බැලීමෙන් අනතුරුව දෙසැම්බර් 6 වෙනිදා තෙක් බලපැවැත්වෙන පරිදි අතුරු තහනම් නියෝගයක් ප්‍රකාශයට පත් කළ අභියාචනාධිකරණය එදිනට පෙනී සිටින මෙන් නීතිපතිවරයා හා පොලිස්පතිවරයා ඇතුළු වග උත්තරකරුවන්ට නොතීසි නිකුත් කළේය. https://www.bbc.com/sinhala/sri-lanka-42163238